ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “ජන සටන” විරෝධතා රැළිය මේ වන විට කොළඹ හයිඩ් පිටියේදී ආරම්භ වී ඇත.
මේ අවස්ථාව වන විට හයිඩ් පිටිය අතුරු සිදුරු නැතිව පිරී තිබෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ සදහා සහභාගීවීමට නියමිතව සිටිනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ මෙන්ම පළාත් පාලන නියෝජිතයන්, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සහ කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වී සිටිනවා.