Colombo Today Local News

මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවිකරුවන් විකිණීමෙන් ඉවත්වෙයි

ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසයි.

ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල ඊයේ (29)දින නිවේදනය කළේය.

මේ සම්බන්ධයෙන් අද (30)දින පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා සාදහන් කර සිටින්නේ, මෙම තීරණය හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ විමේ අවදානමක් නිර්මාණය වන බවය.

එම නිසා ලබන මස 6වන දින සිට ලොතරැයි අලෙවිකරුවන්, ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට තීරණය කළ බව ක්‍රිෂාන් මාරඹගේ මහතා පවසයි.

ලොතරැයි මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

Admin

දිව්‍යලෝකයට යන්න සිටි 30ක් හඳුනාගනී… භික්ෂුන් කිහිප දෙනෙකුත් ඒ අතර

Admin

අබ්දුල් රාසික්ගේ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් කාර්යාලයක් තුලදී පෙට්‍රල් බෝම්බ 6ක් සොයා ගැනේ

colombotoday

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

20ට ඡන්ද විමසීම අද

colombotoday

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin