Colombo Today Local News

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබා දී තිබේ.

එම පෙත්සම අද (28)දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී ඇත.

එහිදී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙසත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියම කර තිබේ.

ඉන් පසුව පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Related posts

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර අද සාකච්ඡාවක්

colombotoday

අධික වර්ෂාවෙන් යාපනයේ ජල ගැලීම් තත්ත්වය ඉහළට.. කිලිනොච්චියේ වැව් දෙකක් වාන් දමයි

colombotoday

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday

ඇමති රාජිතගේ පුත් චතුර කැබිනට් මණ්ඩලයටත්..!!

colombotoday

“රාජපක්ෂව ඉවත් කිරීම ‍හොද ක්‍රියාවක්.. ලංකාවේ අර්බුදය විසදන්න දැන් තමයි හොදම වෙලාව” – එරික් සෝල්හයිම්

colombotoday

ව්‍යවස්ථාව ගොඩ දාන්න, අලුත් ‘ව්‍යාපාරයක්‘ ඇරඹෙයි.. මූල්‍ය අනුග්‍රහය ඩයස්පොරාවෙන්

colombotoday