Colombo Today Local News

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට විශේෂ අවසරයක් හිමිව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අද (22)දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, කැබිනට් මණ්ඩලය හරහා ඒ සඳහා විශේෂ අනුමැතියක් හිමිවු බවය.

ඒ අනුව ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු මේ වනවිට සුදානම් කරමින් යන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

අද වනවිට ජපන් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් 5000කින් යුත් ජපන් භාෂා පුහුණුලාභීන්ගෙන් සමන්විත සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

“නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය මාස තුනකට මට දෙන්න.. හොරු අල්ලා පෙන්නන්නම්“ – ජනපති

colombotoday

“තෙල් වර්ජනය මට්ටු කළ අයුරින්ම සයිටම් විරෝධයටත් පිළිතුරු ලැබෙයි” – නෙවිල් ප්‍රනාන්දු

colombotoday

විදුලි බලාගාර වලට ගල්අඟුරු ගන්න මුදල් ඉල්ලයි

Admin

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin