Colombo Today Local News

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේදී අද(21)උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.

මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජී නමැත්තගේ සමීපතයකු වන කොස්ගොඩ රන් මහත්තයා නමැත්තා බව ද පොලීසිය කියයි.

ඔහු සිය නිවසේ සිටින විටදී යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව ද පොලීසිය කියයි.

මෙය පාතාල කණ්ඩායම් දෙකක විරසකයක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවට පොලිසිය සැකකරයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්තීවරයාට වෙඩි තැබීමේ පලිය ගැනීමට මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

Admin

වල්ගම දියගම පාර කි.මී7ක් පුනරුත්තාපනයට මාලිමාණ්ඩුව කෝටි 244ක් වෙන් කරයි

Admin

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

පුරාවස්තු සංරක්ෂණයට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනපති නියෝග කරයි !

colombotoday

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

colombotoday