Colombo Today Local News

ඩෙංගුවලින් රැකෙන්න නිල ඇඳුමට අමතර ඇඳුම් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද සිට අවසර…

ළා පැහැති දිග ඇඳුමක් නිල ඇඳුමට යටින් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අද(19) සිට අවසර හිමිවෙයි.

ඩෙංගුවලින් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගත් බව පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත් මහතා පවසයි.

මේ අතර, දිවයිනේ සෙසු පළාත්වලත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ.

ඒ, ඩෙංගු සහ කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුවේදී ය.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් ඇති බව කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුවේ ලේකම් බුද්ධිකා ගමගේ මහත්මිය පවසන්නීය.

ප්‍රධාන කමිටුව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙයි.

සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විශේෂඥයින් පිරිසක් කමිටුවේ සෙසු සාමාජිකයින් ය.

Related posts

මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් ඇසුරුම්කර විකුණයි… මගඩිය පිටුපස වාණිජයට සම්බන්ධ ඇමතිගේ සොයුරෙක්…

colombotoday

මහර තිබූ පෙති ගැන විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පියවර

colombotoday

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

පාර්ලිමේන්තුවේ 225 ම බූරුවන් නම් අනුරත් ඒ ගණයේ

colombotoday

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

colombotoday