පිලිපීනයේ මගී නෞකාවක් මුහුදේ දී ගිනි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිලිපීන වෙරළාරක්ෂක බළකාය විසින් ඇති වූ නෞකාවේ ගින්න නිවා දැමූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ගින්න ඇතිවන අවස්ථාවේදී නෞකාවේ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය 120 දෙනෙක් එහි සිට ඇති බව පැවසේ.
මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගිනි ගැනීමට හේතුව පිළිබඳව තවමත් විමර්ශනය වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසයි.