Colombo Today Local News

තරුණයෙකු ලුහුබැඳ කපා කොටා ඝාතනය කල හැටි සීසීටීවී කැමරාවේ…

පානදුර වෑකඩ ප්‍රදේශයේදී ඊයේ(31) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී එම තරුණයාට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇඟලුම් කම්හලේ භූමිය වෙත දිවගොස් ඇත.

ඔහු පසුපස ලුහුබැඳ පැමිණි ඝාතකයා එම ස්ථානය තුළට ඇතුළු වී තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය එහි තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව ඇත.

තරුණයාගේ හිස ප්‍රදේශයට දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

හබරාදුවෙන් 75% ක් පොහොට්ටුවට

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ගැන රජය ඉදිරිපත් කල සියළු වාර්තා බොරු.. රාජපක්‍ෂ පවුල දින තුනෙන් තුනට කොරෝනා පරීක්‍ෂාවට

colombotoday

එල්ලාවල මේධානන්ද හිමිට 80යි.. අභයාරාමයේදී ඥාණසාර හිමිගෙන් දානයක් !

colombotoday

වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගනී

colombotoday

පොලිසිය පරිහරණයට කරන යාපනයේ ගොඩනැඟිලි හැකි ඉක්‌මනින් ආපසු දෙන්න – උතුරු ප්‍රධාන අමාත්‍ය

colombotoday

මුතුරාජවෙල ඉඩම් කොටසක් විදුලිබල මණ්ඩලයට පවරයි

colombotoday