Colombo Today Local News

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් ජනතාවට පවරා දීම ගැන මේධානන්ද නා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්

කුරුන්දි විහාරයට අයිති නැති ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියාමනයක් කර ඇති බව මාද්‍ය වාර්තා කිරීමත් සමඟ පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්‍ය එල්ලාවල මේධානන්ද නා හිමියන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

කුරුන්දි විහාරය අවට බොහෝ තැන් වල විවිධ බෞද්ධ ආරාම වල නටබුන් විසිරී තිබෙන බවත් එබැවින් මේ ඉඩම් ආවා ගියාට ලබා දීම සුදුසු නැති බව මේධානන්ද නා හිමියන් අවදාරනය කර සිටි.

එමෙන්ම බෞද්ධ ආරමයක් අසල ජාතිවාදී අරගල වලට සහාය දෙන උදවියටද ඉඩම් ලබා දීම සුදුසු නැති බවත් මෙයින් බලාපොරොත්තු වී අත්තේ බෞද්ධ නටබුන් අසල ජාතිවාදීන්ට ජනපද අත්කර දීමක් බව ද වර්තමානය වන විට රජයෙන් ඉඩම් බෙදා දුන්නන් නුදුන්නන් වැරදි ලෙස බලෙන් ඉඩම් අල්ලාගෙන සිටින බවත් මේධානන්ද නා හිමියන් සඳහන් කරයි.

ඒ අනුව, මෙම ඉඩම් වල අයිතිය ඔවුන්ට පැවරීම නොකළයුතු අතර අනාගතයේදී එයින් මහා විනාශයක් සිදුවිය හැකි බව පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්‍ය එල්ලාවල මේධානන්ද නා හිමියන් එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්‍ය එල්ලාවල මේධානන්ද නා හිමියන්ගේ ලිපිය පහතින්,

Related posts

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

Admin

අභ්‍යන්තර පරීක්ෂණයට උපදෙස් දෙන්න ජාත්‍යන්තර යුධ අධිකරණ නීතිපති “මොටෝ ලු ගූච් ” ලංකාවට

colombotoday

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

වැල්ලෙ සුරංගගෙ ගෝලයෙක් පාසල් සිසුන් ට මත්පෙති අලෙවි ක්ලරද්දී අල්ලයි

Admin

අම්පාර අක්කරෙයිපත්තුව නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කරයි

colombotoday