Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ තමන්ගේ දුක කියන්න නෙමේ – GMOA සෞඛ්‍ය ඇමතිට දෙහි කපයි

රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ 1,000ක් පමණ තිබෙන නමුත් එයින් මිල නියාමනයක් වන්නේ ඖෂධ 60ක පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම නිසා පසුගිය කාලසීමාව තුළ ජනතාවට දැරීමට නොහැකි මට්ටමකට ඖෂධවල මිල ඉතා අධික ලෙස ඉහළ ගිය බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මේ වන විට ඩොලරයේ අගය යම් මට්ටමකට අඩු වී ඇති බැවින් එහි වාසිය නිසැකවම ජනතාවට ලැබිය යුතු බවත් එය ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඖෂධ ආනයනකරුවන් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි ඖෂධවල මිල ඉහළ දමන බැවින් ඒ සඳහා රජය මැදිහත්ව කටයුතු කළ යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

“ඖෂධ මාෆියාව විසින් අසාමාන්‍ය ලෙස ඉහළ දමා තිබෙන ඖෂධ මිල ජනතාවට අඩු මිලකට ලබාදීම සඳහා කටයුතු කරන්න. සියයට හාරපන්සීයකින් මිල වැඩි වුණා නම් දැන් ඩොලර් එක අඩු වෙලා නම් එකේ වාසිය අනිවාර්යයයෙන් ජනතාවට එන්න ඕනේ. ඖෂධ නියාමන අධිකාරිය යටතේ තිබෙන ඖෂධ 60 විතරක් මිල අඩු කරලා තේරුමක් නෑ.”

“සෞඛ්‍ය ඇමතිතුමා කියලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය අසරණයි කියලා. මේ සඳහා යාන්ත්‍රණයක් නෑ ක්‍රියාත්මක කරන්න කියලා. මේවා පිළිගන්න පුළුවන් කතා නෙමේ. සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ තමන්ගේ දුක කියන්න නෙමේ. ජනතාවගේ දුක අරගෙන ඒ සඳහා විසඳුම් දෙන්න.”

Related posts

කන්දකාඩුවෙන් පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට..

Admin

පාපැදි භාවිත කරන්න මහින්ද අමරවීර කියයි. රැකියාවට පාපැදියෙන් ගියොත් ප්‍රතිලාභ

colombotoday

මෙරට අක්කර ලක්ෂ 12ක් අල්ලන ඇමරිකානු මෙහෙයුමක්… ප්‍රධාන කාර්යාලය අරලියගහ මන්දිරය ඇතුළේ – නිළ ලිපියෙන් සියල්ල හෙළිවේ…

colombotoday

අද සිට බස් ගාස්තුව ඉහළට ! සංශෝධිත බස් ගාස්තු ලේඛණය මෙන්න

colombotoday

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

Admin

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

colombotoday