සුඩානයේ කාර්ටූම් අගනුවරට දකුණින් පිහිටි වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස් තවත් 106 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් (RSF) අතර සටන් ආරම්භ වීමෙන් පසු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මියගිය විශාලතම සංඛ්‍යාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ගැටුම් ආරම්භ වීමෙන් පසු මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 883 දක්වා ඉහළ ගොස් තිබේ.