වෙසැක් පොහොයට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරන බවට පසුගිය අප්‍රේල් 20 වැනිදා ජනාධිපතිවරයා මාධ්‍ය ආයත ප්‍රධානීන් අමතා කල ප්‍රකාශය ගැන බොහෝ දෙනා දැඩි අපේක්ෂාවෙන් සිටියත් වෙසක් පොහොයට පෙර ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු නොවිණි.
එහෙත් ඒ වෙනුවට ජනාධිපතිවරයා සිදු කළේ පළාත් සභා ඇමති ධුරයක් සංශෝධනය කිරීමයි.
ඒ උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබ සාධන පරිවාස, හා පළාත් සභා කටයුතු අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා ඉවත් කොට එම අමාත්‍ය ධුරයට සන්ධාන මන්ත්‍රි එම්.හේරත් බණ්ඩා මහතා පත්කිරීමයි. ඔහු ඇමැතිධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පළාත් සභාවේ ප්‍රවාහන ඇමැති එස්.එම්. රංජිත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.