Colombo Today Local News

කළුතර සිසුවියගේ මරණයට අදාල ප්‍රධාන සැකකරු අල්ලයි

කළුතර ලැඟුම්හලක් අසළ දුම්රිය මාර්ගයේ තිබී සොයාගත් 16 හැවිරිදි සිසුවියගේ මරණයට අදාළ ප්‍රධාන සැකකරු හික්කඩුවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අද(09) අලුයම ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුගේ වයස අවුරුදු 29 කි.

අදාළ සිසුවිය තවත් කාන්තාවක් සහ පුරුෂයින් දෙදෙනෙකු සමග පසුගිය (06) වැනි දා පස්වරුවේ අදාළ ලැඟුම්හලට පැමිණ කාමර දෙකක නවාතැන් ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඉන් එක් යුවලක් සහ තරුණිය සමග සිටි පුද්ගලයා පසුව පිටව ගොස් ඇතැයි, විමර්ශනවලදී අනාවරණය වී තිබිණ.

තරුණියගේ නිරුවත් මළ සිරුර දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයාගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අනෙක් යුවල ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අමාත්‍යධුරයක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කර නැ | මෛත්‍රීගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

බ්‍රිතාන්‍ය යුධ නැවක් කොළඹ වරායේ

colombotoday

ඩයනා කර මුලට හිරවෙයි

Admin

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

Admin

ළිඳට බැහැල ගැඹුර දැනගත්තා – දැන් රටටම නොමිළේ WiFi දෙනවා

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin