Colombo Today Local News

පාර හදන්න ඕන තරම් ඉඩ තියෙද්දිත් බෝධිය කපන්න හැදුවැයි ඇමති කිරිඇල්ලට නොතීසි

උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නොතීසි නිකුත් කරනු ලැබුවා.

ඒ පන්නිපිටිය මල්ආරව හන්දියේ පිහිටි ඉපැරණි බෝධින් වහන්සේ කපා ඉවත් කිරීමට එරෙහිව ගොණුකල පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයි.

එම බෝධිය කපා ඉවත් කිරීමට විරුද්ධව භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව බෝධිය කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පවසා ඇත්තේ මෙම බෝගස වසර 400ක පමණ ඉතිහාසයක් සහිත පූජනීය වස්තුවක් බවයි.

මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතියකට බව පවසමින් එම බෝගස කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සූදානම් වන බව පෙන්වා දී ඇති පෙත්සම්කරුවන් බෝගස කපා ඉවත් කිරීමකින් තොරව මාර්ගය පුළුල් කිරීමට හැකියාවක් පවතින බව සඳහන් කර තිබේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල බෝගස කපා ඉවත් කිරීම තාවකාලිකව වළක්වාලමින් මැයි මස 09 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එදින යළි පෙත්සම ලකා බලන බව දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළව කරුණු දක්වන ලෙසයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කර තිබෙන්නේ.

Related posts

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : ශාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Admin

රවී බදු ගත් සුපිරි නිවසට මුදල් ගෙව්වේ ඇලෝසියස් – බැදුම්කර කොමිසමේදී හෙළි වෙයි !

colombotoday