Colombo Today Local News

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී අන්දමින් රත්‍රං තොග ඉන්දියාවට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවී සිටින බවට තොරතුරු පොලිස්‌ බුද්ධි අංශ වෙත ලැබී ඇත.

ඉඩම් කොල්ලකෑම් සම්බන්ධයෙන් ද මෙම ඇමැතිවරයාට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

මෙම ඇමැතිවරයා තම අමාත්‍යාංශයේ නිල වාහන ද යොදාගෙන රත්‍රං ජාවාරම කරගෙන යන අතර රත්‍රං ඉන්දියාවට විකිණීම සිදු කරන්නේ ගුවන් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් බවද හෙළි වී ඇත.

කටුනායක ගුවන්තොටුපොළේ නිලධාරීන් පිරිසක්‌ද මෙම ජාවාරම පිටුපස සිටින අතර රත්‍රං තොග ගුවන්තොටුපළ දක්‌වා රැගෙන යැමට ඇමැතිවරයා තම නිල වාහන යොදාගන්නා බවට හෙළි වී තිබේ. ඇමැතිවරයාගේ නිල වාහනයෙන් රැගෙන යන රත්‍රං තොග ගුවන්තොටුපළේදී ඉතා සූක්‍ෂම ලෙස එහි සිටින නියෝජිතයකුට භාර දෙන අතර ඔවුන් ඒවා ඉන්දියාවට රැගෙන යන බවද හෙළි වී ඇත.

මීට ටික කලකට පෙර මෙම ඇමැතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් මුහුදු මාර්ග ඔස්‌සේ රත්‍රං කිලෝ 50 ක්‌ ඉන්දියාවට යෑවීමට උත්සාහ කළ අවස්‌ථාවේ ඒවා නාවික හමුදාවට කොටු වී තිබිණි.

එම රත්‍රං තොගය අත්අඩංගුවට පත් වීම නිසා ඇමැතිවරයාට ඔහුගේ සොහොයුරාට සහ ජාවාරම පිටුපස සිටි පිටකොටුවේ කෝටිපති ව්‍යාපාරිකයාට විශාල පාඩුවක්‌ විඳීමට සිදු විය.

එම පාඩුව පියවා ගැනීම සඳහා පිටකොටුවේ ව්‍යාපාරිකයා ඔහුට අයත්ව තිබූ පිටකොටුවේ ගොඩනැඟිල්ලක්‌ පවා විකුණා දැමූ බවද බුද්ධි අංශ මගින් අනාවරණය කර ගෙන ඇත.

මෙම ඇමැතිවරයා ඔහුගේ සොහොයුරා ඇතුළු සංවිධානාත්මක කණ්‌ඩායම මෙරට ඇති රත්‍රං තොග පිටින් හොර රහසේම ඉන්දියාවට යෑවීම රටේ ආර්ථිකයටද විශාල බලපෑමක්‌ එල්ල කරන බව බුද්ධි අංශ පවසයි.

හේමන්ත රන්දුනු – දිවයින

Related posts

ඥාණසාර හිමිගේ චීවරය ගලවා සසුනට නිගා කරාට එරෙහිව රට පුරා විරෝධතා…

colombotoday

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday

කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ගත් කුරුණෑගල පිරිසකට කෙරෝනා

colombotoday

නව අමාත්‍ය මණ්ඩලය 14 වෙනිදා දිවුරුම් දෙයි- මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday