Colombo Today Local News

කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වැරදිකරු වෙයි

කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා වන තුෂාර සංජීව විතාරණගේ පාලන කාලයේදී වැරැදි සිදු කර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම නිකුත් කර ඇති වාර්තාවට අනුව විතාරණ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් චෝදනා 11 කටම ඔහු වැරැදිකරු බවට තීන්දු කර තිබේ.

ඒ අනුව, එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක්ද ඊයෙ (8)දින නිකුත් කර තිබුණි.

තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව ලැබී තිබු පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම පරීක්ෂණ කොමිසමේ කටයුතු 2022.12.09 වන දින සිට ආරම්භ කරනු ලැබීය.

මෙම කොමිසම හමුවේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න සහ ඒ.ජේ.එම්.මුසම්මිල් මහත්වරුන්ද සාක්ෂි ලබාදී ඇත.

මහ නගර සභා ආඥා පනත යටතේ 2020 වසරේ අයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ නියෝගවල විධිවිධාන ක්‍රියාත්මක වීම හේතුකොටගෙන තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූවාසේ සලකන බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.

Related posts

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

ඡන්දෙට පොහොට්ටුව 9 වැනිදා වැඩ අල්ලයි.

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සමග රිෂාඩ් බදුර්දීන්ගේ සබඳතා එලියට

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday