Colombo Today Local News

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද රගර් ස්ථාවරකරණ කමිටුව තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර රගර් සම්මේලනයට ලිපියක් මගින් දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය යොමුකර ඇත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ මේ වනවිට විසුරුවා ඇති නිලවරණයෙන් බලයට පත්වූ කමිටුව පමණක් පිළිගන්නා බවය.

අදාළ ලිපියේ පිටපත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ආසියානු ඔලිම්පික් කමිටුව, ආසියානු රගර් සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යංශය වෙත ද යොමුකර ඇත.

Related posts

දේශපාලනඥයින්ගේ අමන වැඩ ගැන ජනතාව අප්‍රසාදයෙන්

colombotoday

ප්‍රාඩෝවලට නොදෙවැනි ඉලෙක්ට්‍රික් කාර් මගඩිය

colombotoday

පොලිස්පතිගේ ස්කොට්ලන්ඩ්යාඩ් සංචාරය අත්හිටුවයි…

colombotoday

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

Admin

ගබඩා කර තිබූ ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි

colombotoday

කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday