Colombo Today Local News

මීතොටමුල්ලේ මියගිය අයෙකුට වන්දිය රුපියල් ලක්ෂයයි.. මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මීතොටමුල්ල, කසල කන්ද නාය යෑමෙන් ජීවිතක්ෂයට පත්වූවෙකුට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත.

පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දේපළ හානියකට උපරිමය ලක්ෂ 25 දක්වා වන්දි ගෙවීමටද තීරණය කර ඇත.

අවතැන්වූවන්ට පිසූ ආහාර ලබා දීමට  මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දී ඇති අතර, අවදානම් තත්ත්වයේ පවතින නිවාස සාදා දීමට හෝ විකල්ප ස්ථානවල පදිංචි කිරීමට රජය කටයුතු කරන බවද එම නිවේදනයේ සදහන් වේ.

මේ වන විට මරණයට පත් වූ මුළු පිරිස 30ක් බව සදහන් වන අතර ඒ අනුව රජය විසින් මියගිය පුද්ගලයින් සියළු දෙනා වෙනුවෙන් දැනට ගෙවන්නේ රුපියල් ලක්‍ෂ තිහකි.

Related posts

තව්හිද් ජමාත්, අබ්දුල් රාසික් පොලිස් අත්අඩංගුවට !

colombotoday

සංචාරකයන්ට බලපෑම් කරන කටුනායක කුලී රියදුරන් අත්අඩංගුවට

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin