Colombo Today Local News

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

පාසල් සුදු නිල ඇඳුම වෙනුවට පාට ඇඳුම් හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට තමන් දැඩි විරුද්ධත්වය පළකරන බවත්, පාසල් නිල ඇඳුම වෙනස්‌ කළහොත් දරුවන් සමඟ පාරට බසින බවත් දෙමව්පියෝ පවසයති.

ලංකාවේ වත්මන් පාසල් නිල ඇඳුම දරුවන්ට උචිත බවත්, එය පාසල් දරුවකු බවට මනාවට හැඟවෙන බවත් ඔවුහු කීහ.
මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් නුගේගොඩ ප්‍රදේශයේ පාසල් රැසක දෙමාපියෝ මෙසේ කියා සිටියහ.

මෙච්චර වැදගත් පාසල් නිල ඇඳුමකට පාට ඇඳුම් හඳුන්වාදීම යෝග්‍ය නැහැ. මේක පිටරට නොවෙයි. සභ්‍යත්වයක්‌, සංස්‌කෘතියක්‌ ඇති රටක්‌ මේක. පාසල් ළමයින් තවත් නැති කරන්නද මේ ඇමැතිතුමා හදන්නේ. අපි මේකට තරයේම විරුද්ධයි.

“කාලයක්‌ තිස්‌සේ පාසල් නිල ඇඳුම් නොමිලේ දුන්නා. යහපාලන ආණ්‌ඩුව ඇවිත් පාසල් නිල ඇඳුම් පිටින් ගන්න වවුචර් දුන්නා. දැන් ඒකත් නැති කරන්නද කොහෙද හදන්නේ.

පාට ඇඳුම් හඳුන්වාදීලා ළමයින්ගේ පාසල් නිල ඇඳුම නැති කරන්න එපා. මේ සුදු ඇඳුම ඇන්දාම පාසල් දරුවෙක්‌ කියලා ඕනෑම කෙනෙක්‌ දන්නවා.

Related posts

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනිපයට දැනුම් දෙයි ! 

colombotoday

එජාපය එකට එක කරයි.. විශ්වාසභංගයට පෙර, විධායක ජනපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා එන්.එම් අමීන් ගැන පරීක්ෂණයක් කරන්න. | පාස්කු කොමිසමෙන් නිර්දේශ

colombotoday

මුහුද යටින් කේබලයක්.. ඉන්දියාව ලංකාවට විදුලිය අපනයනය කරන්න යයි !

colombotoday