Colombo Today Local News

ජාතික ආරක්ෂාව තර්ජණයක් වෙන්න නම් “පරණ බඩුමුට්ටු” තව කොපමණ හමුවිය යුතුද? – ආරක්ෂක ලේකම්ගෙන් විමල් අසයි

1445598498wimaltop

ආරක්ෂක ලේකම්වරයා පරණ බඩු මුට්ටු යැයි කියන්නේ මරාගෙන මැරෙන ඇඳුම් ඇතුළු අවි ආයුධවලට බවත්, යුධ සමයේ ඔහු ආරක්ෂක ලේකම්ව නොසිටීම රටේ වාසනාවක් බවත්, ජා.නි.පෙ නායක පා.ම විමල් වීරවංශ මහතා පවසයි.

මේ ආකාරයට ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කිරීමෙන් වළකින ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ඒ මහතා කියයි.

සොයාගත් පාර්සලයක වැල්ලවත්ත ලෙස සඳහන්ව තිබූ බවත්, සිම්කාඩ් පත් 5ක් තිබී ඇති බවත්, පැවසූ මන්ත්‍රීවරයා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම සඳහා පරණ බඩු තව කොපමණ ප්‍රමාණයක් හමුවිය යුතුදැයි හෙතෙම ප්‍රශ්න කරයි.

මේ නිසා බරපතළ ගණයේ ආයුධ හමුවී තිබියදීත් පරණ බඩු වගයක් යැයි ආරක්ෂක ලේකම්වරයා කරන ප්‍රකාශ පිළිගත හැකි දැයි වීරවංශ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

අවි ආයුධ පරණයි කියන්නේ නම් එහි තිබී සොයාගත් සිම්කාඩ් පත් ද පරණදැයි ඒ මහතා ප්‍රශ්න කළේය. මේවන විට බුද්ධි තොරතුරු සේවය බිඳ වැටී ඇති නිසා සැඟවූ ආයුධ රිසිසේ තැන තැන ගෙන යාමට ඉඩ ලැබී ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

එල්.ටී.ටී.ඊයට නැවත බෝම්බ පුපුරුවා හැරීමට හැකි වාතාවරණයක් මේ තුළින් සකස් කිරීමට ඉඩ නොදෙන්නැයිද මන්ත්‍රීවරයා එහිදී ඉල්ලීමක් කළේය.

Related posts

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

රෝගී ජීවිත අනතුරේ – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක හිගයක්.

colombotoday

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

colombotoday

ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට බෑ – විමල්

colombotoday

යහපාලන ආණ්ඩුවේ ජනපති, මුදල් ඇමති වෙලා… මුදල් ඇමති, ජනපති වෙලා !

colombotoday

අතුරුගිරියේ පිරවුම්හලේ ගැටුමකින් පොලිසියේ 6කට තුවාල.. පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

colombotoday