Colombo Today Local News

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

බරපතල දූෂණ චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව වහාම තීරණක් ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එජාපයෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගිය සිකුරාදා එජාප හා ශ්‍රීලනිප නියෝජිතයන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

දූෂණ චෝදනා එල්ල වී ඇති ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙක්‌ වහාම එම ධුරවලින් ඉවත් කිරීමට අගමැතිවරයාගේ එකඟත්වය ලබාදෙන ලෙස ශ්‍රීලනිප ඇමතිවරුන් මෙහිදී දැඩිව ඉල්ලා තිබේ.

එහෙත් එජාප නියෝජිතයින් මෙහිදී පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ කිසිඳු අනුකුලතාවයක් නොමැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා සහ එස්. බී. දිසානායක ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද එම සාකච්ඡාවට සහභාගී වී ඇත.

යහපාලන ආණ්ඩුවට එරෙහිව නැඟී ඇති දූෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතළ ලෙස මූල්‍ය සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධව චෝදනා ලබා සිටින මුදල් ඇමති රවී කරුණානායක මහතාව එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බවට එජාප නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසක් පසුගියදා ජනාධිපතිවරයාට යෝජනා කර තිබු අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුවත් එජාපය සමඟ තමන් එළඹි ගිවිසුම අනුවත් අමාත්‍යවරුන්ගේ විෂය සම්බන්ධව තීරණය ගැනීම අග්‍රාමාත්‍යවරයා සතු කාර්යක් බවයි.

Related posts

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…

Admin

උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්

colombotoday

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

“එයා මොකුත් දන්නෑ…” කුඩුත් එක්ක මාට්ටු වූ ඇමති මංගලගේ ලේකම් ගැන නිවේදනයක් !

colombotoday

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

Admin

මෛත‍්‍රි-සජිත් හමුව ගැන විශේෂ මාධ්‍ය නිවේදනයක් !

colombotoday