Colombo Today Local News

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

තමන් මේ රටේ ජනාධිපතිවරයා නොව සෞඛ්‍ය ඇමතිවරයා යැයි සිතුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පැරණි මතකයක් අළුත් වීම නිසා තමාට එසේ හැගුණු බව ජනාධිපතිවරයා පැවසුවේ කොළඹ ගළධාරී හෝටලයේ පැවති සංක්‍රමණික සෞඛ්‍ය පිළිබදව දෙවැනි ජාත්‍යන්තර සමුළුව අමතමිනි.

සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසූ පළමු රට ශ්‍රී ලංකාව බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, වර්තමානය වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සංක්‍රමණිකයන් සහ සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නයට ඉතා ඉහළ ප්‍රමුඛත්වයක් දී තිබෙන බවත් පැවසීය.

“නීත්‍යානුකූලව පැමිණෙන සංචාරකයන් රටකට ආශීර්වාදයක්. ඒත් නීතිවිරෝධීව පැමිණෙන සංක්‍රමණිකයන් නිසා රටකට බරපතළ අර්බුදවලට මුහුණ දීමට සිදුවෙනවා.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ කටයුතුවලට තම උපරිම දායකත්වය දැක්විය යුතුයි“ යයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Related posts

දිවයිනට එන ලංකික විදෙස් ශ්‍රමිකයින්ට නිරෝධායන නොමිලේ

colombotoday

අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් බිල්ලක්?

Admin

අතුරුගිරිය හුවමාරුව යළි ඇරේ

colombotoday

ජාතික රෝහලේ හදවත් සැත්කම් නැවතී යාමේ අවධානමන්

colombotoday

රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයි

colombotoday

ෂාෆිගෙන් සැත්කම් කළ පසු දරුවන් අහිමිවූ මව්වරුන් 200කගෙන් පැමිණිළි…

colombotoday