Colombo Today Local News

“කුරිරු යුද්ධය නිමකර රට ස්වයංපෝෂිත කළ ජාතියේ නායකයා මහින්දයි” – දයාසිරි ජයසේකර

dayasiri jayasekara

අවුරුදු තිහක්‌ තිස්‌සේ පැවැති කුරිරු යුද්ධය සම්පූර්ණයෙන්ම නතර කළේ එදා සේනාධිපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එතුමා ජාතියේ නායකයා බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තංගල්ලේදී පැවසීය.

තමන් මේ ආණ්‌ඩුවේ සිග්නල් කණු වන්නේ නැතැයි ද හොඳට කල්පනා කරමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා තංගල්ල නගර ශාලාවේ පැවැති තංගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ බලමණ්‌ඩල රැස්‌වීම අමතමින් කියා සිටියේය.

උපාධිධාරීන් පනස්‌අට දහසකට රජයේ රැකියා ලබාදෙමින් මහා සංවර්ධන ව්‍යාපෘති රැසක්‌ ක්‍රියාවට නැවීමට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාට හැකි වූ බවත් එතුමා රට ස්‌වයංපෝෂිත කළ බවත් දයාසිරි ජයසේකර ඇමැතිවරයා කියා සිටියේය.

එම දූරදර්ශී නායකයා කළ සේවය අමතක කළ නොහැකි යෑයි ද එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඒකාන්තයෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයක්‌ පිහිටුවන බව ද අමාත්‍යවරයා පැවසීය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ද එම අවස්‌ථාවට එක්‌ව සිටියේය.

Related posts

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

colombotoday

සමෘද්ධිලාභී හැම පවුලකටම සූර්ය පැනලයක්… රු 3500ක මාසික ආදායමක් සමග ජාතියට විදුලිය

colombotoday

පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තීය පුහුණුව

colombotoday

මෙරට සහල් හිගයක් ඇති නොවීමට පියවර ගන්න පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

colombotoday