Colombo Today Local News

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

රුසියාවේ නිශ්පාදිත හෙලිකොප්ටර් යානා නඩත්තු සහ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබෙනවා.

රුසියාවේ ස්පුටිනික් පුවත් සේවයට අදහස් පළකරමින් හමුදා තාක්ෂණ සහයෝගීතාව පිළීබදව රුසියානු මධ්‍යම රජයේ නියෝජ්‍ය ප්‍රධානී මිකායිල් පෙටුකොෆ් මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව ද රුසියාවේ නිශ්පාදිත එම්.අයි 08, එම්.අයි. 17 24 ප්‍රහාරක හා ප්‍රවාහන හෙලිකොප්ටර් යානා භාවිතා කරන අතර, කලාපීය රටවල් රැසක ගුවන් බලඇණි සමන්විත වී ඇත්තේ රුසියානු හෙලිකොප්ටර් යානා වලිනි.

මේ නිසා ශ්‍රී ලංකාව තුළ එවැනි හෙලිකොප්ටර් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම වැදගත් වන බවයි රුසියාව පෙන්වා දී ඇත්තේ.

මේ අතර. රුසියාවේ නිශ්පාදිත ජෙපාඩ් වර්ගයේ ප්‍රහාරක යාත්‍රා ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇති බව ස්පුටින්ක් පුවත්පත වාර්තා කර ඇත.

Related posts

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

colombotoday

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

colombotoday

පොලිසියට තොරතුරක් – පානදුර මුස්ලිම් දේවස්ථාන අසලට දැඩි ආරක්ෂාවක්

Admin

මුහුණ වසාගත් කල්ලියකින් යාපනේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

මහනුවර කලහයෙන් හානි වූ අයට ලක්ෂ 98ක් වන්දි

colombotoday