Colombo Today Local News

මිනිසත්කම් ගිලිහුනු මිනිසුන් සිටින සමාජයට තවත් එක් හොද පාඩමක් පොලිස් නිළදරුවකුගෙන්

දඹුල්ල, බකමුණ ප්‍රධාන මාර්ගයේ 13 වන කනුව අසල මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු වන අලියකු පහරදීමෙන් බරපතල තුවාල ලබා මාර්ගයේ වැටි සිටිය දී අද උදේ හමු වූ බව බකමුණ වනජීවී නිලධාරීහු පවසති.

අද අලුයම් කාලයේදී වන අලියෙකු පහරදීමෙන් තුවාල ලබා පුද්ගලයකු වැටි සිටින බවට පාරේ ගමන් ගත පිරිසක් බකමුණ වනජීවී කාර්යාලයට දැනුම්දී එම නිලධාරින් වහා පැමිණ ඇත. තුවාල ලද තැනැත්තා රෝහලකට යැවීමට මාර්ගයේ ගමන් ගත් වාහන රැසකට පැයක පමණ කාලයක් නවතා ගැනීමට උත්සහා කලද වාහන හිමියෝ තුවාල කරු දමාගෙන යන්න අකමැති වූ බව වනජීවී නිලධාරීහු පැවසුහ.

පසුව වෙනත් ගමනක් යමින් සිටි දඹුල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරි රථයක් නවතා මිනිස් ජිවිතයක වටිනාකම කියා දී තුවාලකරු දඹුල්ල රෝහලට යැවීමට කටයුතු කළේය.

මෙසේ වන අලි පහරකෑමට ලක්ව ඇත්තේ කාගේ කව්ද යන්න පිලිබදව මෙතෙක් හෙළිව නොමැති අතර අදාළ පුද්ගලයා සිහි මද ගතියකින් පෙලෙන අයකු බවට සැක සිතිය හැකි බව වනජීවී නිලධාරීහු පවසති.

Related posts

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

colombotoday

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

colombotoday

ගාල්ල ආසනය කරට කර… සජිත් නූලෙන් දිනයි !

colombotoday

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

colombotoday

හමුදාවට සරදම් කරමින් රටින් පිට ඊළාම් ආණ්ඩුවේ නියෝජිතයාට ලංකාවේ දොර ඇරේ !

colombotoday