Colombo Today Local NewsHot News

සියළු බෞද්ධ සංවිධාන එක්වේ.. ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ බලවේගයක් බිහිවෙයි

ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක්‌ ප්‍රබල බෞද්ධ සංවිධානයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (27 වැනිදා) නාරාහෙන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

මෙය බෞද්ධ සංවිධාන දහයක්‌ පහළොවක්‌ අතර සංවිධාන රැසක එකමුතුවක්‌ බවත් එය උත්සව සමයෙන් පසු එළිදක්‌වන බවත් පැවසූ උන්වහන්සේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙහි කටයුතු සිදුකරන බවත් භික්‍ෂුන් වහන්සේලා පන්දහසක්‌ පමණ එක්‌ ස්‌ථානයකට වැඩම කර තීන්දු රැසක්‌ ගන්නා බවත් කියා සිටියහ.

වත්මන් රජයේ රටේ සම්පත් පුද්ගලික අංශයට ලබාදීම, බුද්ධි අංශ දඩයම් කිරීම, රටට එරෙහි ව්‍යවස්‌ථාව ආදියට එරෙහිව එක්‌ බලයක්‌ ගොඩනගන බවත් උන්වහන්සේ කීහ.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියේ 1815 පසුව වසර 200 කට පසු නැවතත් ශ්‍රී ලංකාව 2015 වසරේ දී නැවතත් යටත් විජිත පාලනයකට පත් ව ඇති බවයි.

අද වන විට රට තුළ යුද හමුදාව විහිළුවට ලක් ව ඇති බවත් කොටි බෙඳුම්වාදය රට තුළ හිස ඔසවමින් සිටින බවත් ඥනසාර හිමියන් පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස හැසිරෙන වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා භික්ෂූන් වහන්සේලා සියලු දෙනා විවිධ මතවාදයන් පසෙකලා එකාවන්ව එක් වෙන බව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරත්න හිමියන් එහිදී පවසා සිටියහ.

Related posts

බුද්ධි නිලධාරීන් වෙන වෙනම රදවා ප්‍රශ්න කිරීමට නියෝග.. එක්නැළිගොඩ ඝාතනය කළ බවට බලපෑම් කර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක්?

colombotoday

කට්ටි පැන්න ජොනි අත්අඩංගුවට ගන්න දෙන්න එපා කියමින් පෙත්සමක් එක්ක මතු වෙයි

colombotoday

දරුවන් බියවද්දමින් හිංසා කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

කොමාන්ඩෝ රණවිරුවා විශ්‍රාමා ලබා නිවසට එද්දී ඉඩමෙන් කොටසක් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හිතවතෙකුට දීලා.

colombotoday

පොලිස් ප්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ අනිත් ඇසත් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඩා වැටෙයි

colombotoday

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට

colombotoday