Gossip

විවාහක රූ රැජින තරඟයේ කිරුල දිණුවායි ඕෂධී බොරු කියලා (VIDEO)

ඊයේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරගයක් ජය ගන්නට ලැබුණ බවට විස්තර පළ කළ ටෙලි නාට්‍ය නිළි ඕෂධී හේවාමද්දුම සැබෑ ලෙසම එම තරගය ජයග්‍රහණය කර නැති බව දැන් හෙළිව තිබේ. එම තරගය ජයගෙන ඇත්තේ බෙල්ජියම නියෝජනය කළ තරගකාරිය වන බාබාරා මොනිකාය.

නමුත් එම තරගයේ ‘පීපල්ස් චොයිස්‘ නමින් අන්තර්ජාල මත විමසුම මත එක් තරග අදියරක් (ටයිටල් එකක්) පැවැත්වූ අතර එහි ජයග්‍රහණය සතුවූයේ ඕෂධීටය. (ඒ වෙනුවෙන් ඕෂධීට වෙනත් කිරුළක් පළඳවා ඇත)

මෙම ජයග්‍රහණය රූප රැජිණ කිරුළ ජයග්‍රහණය කළා ලෙස හැඟීමක් දනවන ආකාරයට ඕෂධී සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණ අතර ඒ ගැන කළ ප්‍රකාශයේද ප්‍රධාන කිරුළ ලබාගන්නට බැරිව ගිය බව දන්වා සිටියේ නැත. ඕෂධීගේ ප්‍රකාශය උපුටා දක්වමින් ප්‍රසිද්ධ පුවත් වෙබ් අඩවි කිහිපයක් ද ඇය ලෝක විවාහක රෑ රැජිණ කිරුළ දිනාගත් බව වාර්තා කර සිටියේය.

තරගය නිමවූයේ 28 වනදා රාත්‍රියේ වුවත් සැබෑ තොරතුරු අන්තර්ජාල මාධ්‍ය තුළ පළව තිබුනේ ප්‍රමාදවීය. මෙම තරගය ලෝක විවාහක රූ රැජිණ තරගය නොවන අතර ලිතුවේනියාවේ එක්තරා සංවිධානයක් මගින් ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමින් වාර්ෂිකව සංවිධානය කරන්නකි.

පහත දැක්වෙන්නේ ෆේස් බුක්හි ඕෂධී ඒ ගැන විස්තර දමා තිබුණ ආකාරයත් මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් ෆේස් බුක් පිටුවේ තිබුණ විස්තරයත්ය.

[fbvideo link=”https://www.facebook.com/Aleksshh/videos/1439441409469717/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සජීවී ප්‍රසංගයක කවිබන කියන චාමර රණවක

colombotoday

උතුරේ මන්ත්‍රී දකුණේ ගංගාවල වැලි කපා උතුරට පටවයි ?? සමාජජාලා කැළඹෙයි !

colombotoday

චතුරිකා පීරිස්ට කොවිඩ් ආසාදනය වෙයි.

colombotoday

කෝලිගේ සුපිරි මඟුලට ආරාධනා ලැබූ ලංකාවේ අමුත්තා – Photos

colombotoday

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

colombotoday

“මත්පැන් පානය කරන, ලිංගිකව හැසිරෙන” කාන්තාවන් ගැන බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව කළඹයි

colombotoday