Colombo Today Local News

බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද සැකකරුවෙක් පැමිණිලි 13කට පසු අල්ලයි

මුදල් වංචා කිරීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුට එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොල, පානදුර දකුණ, මතුරට, තිහගොඩ, කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්ඩ්පාස් සහ ගොඩකවෙල යන පොලිස් ස්ථානවල පැමිණිලි 13ක් පවතින බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයා අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් තමාගේ ගිණුමට මුදල් බැරකර ගැනීම් සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 04ක්, කුඩා ජංගම දුරකථන 03ක් සහ සිම්කාඩ් 73ක් සොයාගෙන තිබේ.

සැකකරු 31 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදංචිකරුවෙකු වන අතර ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කරන්න ඉල්ලා සුමන්තිරන් අධිකරණයට ?

colombotoday

අලුත් ව්‍යවස්ථා මංගල සමුළුවේදී චන්ද්‍රිකාට හූ තියයි.. හූ තැබූ වියපත් මිනිසා කුදලා එළියට විසි කරයි

colombotoday

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday

මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය කෝටි 50කට විකිණිලා – රොෂාන් රණසිංහ

colombotoday

හිඟුල දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට බුදු කුටියට ගල් පහරක්.. මාවනැල්ල නගරයට හමුදාව – පොලිසිය කැඳවයි

colombotoday