Colombo Today Local News

බෝඩිම් කාමරයක සැකකටයුතු මළසිරුරක්

පානදුර වෑකඩ පහන්ගම ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පානදුර දකුණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මියගොස් සිටි පුද්ගලයා මෙම දෙමහල් නිවසේ ඉහළ මාලයේ කාමරයක් කුලීයට ගෙන නේවාසිකව සිට ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයා සිටි කාමරයෙන් දැඩි දුඟදක් වහනය වන බවට ලද පැමිණිල්ලක් මත පානදුර දකුණ පොලීසිය විසින් මෙම නිවස සෝදිසි කර තිබේ.

එහිදී මෙම මළ සිරුර අද (29) පස්වරුවේ පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිද පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

අදාළ දෙමහල් නිවසේ පහළ මාලයේ සිට ඇත්තේ එම නිවසේ හිමිකරු වන අතර එම මරණය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන බව පානදුර දකුණ පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

SAITM ගැසට් කළෙත් මමයි.. අධිකරණ තීන්දුව ගැන එස්.බී සතුටින් !

colombotoday

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

Admin

පක්ෂ සමුළුවත් එපා.. ආසන සංවිධායකකමත් එපා.. මන්ත්‍රී ජානක වක්කුඹුර ඉල්ලා අස්වෙයි

colombotoday

නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයේදී වීරත්වයෙන් සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..

colombotoday

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

colombotoday