Colombo Today Local News

ජනපති ඉදිරියේ චම්පිකගෙන් ආණ්ඩුවට දොස්මුරයක් !

නාගරික පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස තනා දීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොලැබෙන බවත්, ඒ සම්බන්ධයෙන් තමා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බවත් මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනාවක් කරයි.

ඔහු එම චෝදනාව කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද සහභාගිත්වයෙන් කොළඹ ඊයේ (02) පැවති උත්සවයකදීය.

මීට පෙර සිටි සෑම නිවාස අමාත්‍යාංශයකටම සහ නිවාස ඇමතිවරයෙකුටම පැල්පත් වෙනුවෙන් නිවාස ඉදි කරන්නට රාජ්‍ය අරමුදල් ලැබුණු බවත් එහෙත් තමන් ඉල්ලූ ණය ආධාරයවත් නොලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

උතුරේ මෙන්ම වතුකරයේ නිවාස ඉදි කිරීමට රජයේ මුදල් මෙන්ම විදේශ ආයතනවලින් ද විශාල මුදලක් ලැබෙන බවත් නාගරික පැල්පත්වාසීන්ට එවැනි කිසිඳු අනුග්‍රහයක් නොලැබෙන බව වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

ලක්ෂ 30ක නීති විරෝධී ඊ සිගරට් තොගයක් වටලයි

Admin

ගුවන් තොටුපොළ විවෘත කිරිම යළි කල් යයි

colombotoday

මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday