Colombo Today Local News

“ශ්‍රී ලංකන් යානා හතරක් විකුණනවා.. එකක් දැනටමත් විකුණලා ඉවරයි” – නියෝජ්‍ය ඇමති එරාන්

sri lankan over 333

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා හතරක් අලෙවි කිරීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමසිංහ මහතා සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

A350 Air Bus වර්ගයට අයත් ගුවන් යානා හතරක් මෙලෙස අලෙවි කිරීමට තීරණය කර ඇති අතර, එම ගුවන් යානා හතරින් එක් ගුවන් යානාවක් මේ වන විටත් කල්බඳු සමාගමකට අලෙවි කර ඇතැයිද නියෝජය අමාත්‍යවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පුළුල් කිරීම සඳහා තවත් ගුවන් යානා අවශ්‍ය වුවත් ඒ සඳහා ඒ 350 වැනි දිගු දුර ගමනාන්ත සදහා යොදා ගන්නා විශාල ගුවන් යානා අවශ්‍ය නොවන බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ අදහසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මිළදී ගැනීමට ඇණවුම් කර තිබූ යානා 4ක් මිළදී ගැනීම අත්හිටුවීමට ද රජය තීරණය කර තිබුණේ මීට සති දෙකකට පෙරයි.

Related posts

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

colombotoday

හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

Admin

ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාරයට !

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයට ගල්පර්වත සමග පස් කන්දක් වැටෙයි

Admin

බණ්ඩි පොහොර තවත් සියයට 50කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්

Admin

ගංවතුරෙන් අවතැන්වූවන්ට චංගුමීගෙන් ලක්ෂ 75ක ආධාරයක් !

colombotoday