Colombo Today Local News

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා දේවගැති ජෙරම්ගෙන් අධිකරණයට පෙත්සමක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඔහු ඉන් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ වගඋත්තරකරුවන් විසින් තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවය.

ඒ අනුව, මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

Related posts

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

colombotoday

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin

මහින්දගේ ආශිර්වාදය ලැබෙනවානම්, ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්

colombotoday

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

colombotoday

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday