Colombo Today Local News

ජනපති රනිල් ජපන් මුදල් ඇමති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අතර හමුවක් ටෝකියෝ නුවරදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙි අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ආර්ථිකය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙි.

Related posts

මැතිවරණයක් කැදවීමට එරෙහිව 15 දා එජාපය කොළඹ වටලයි.. දැවැන්ත විරෝධතාවක්..

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගැන මහානාහිමියන්ට, පාර්ලිමේන්තුවට, රටට ආණ්ඩුව කියන බොරු මෙන්න !

colombotoday

මිරිස්සේ හෝටලයකදී හයිබ්‍රිඩ් සුරංග තරුණියන් දෙදෙනකු සමග අල්ලයි

colombotoday

අවුරුදු සමයේ විශේෂ දුම්රිය සටහනක්

Admin

අද සිට සිමෙන්ති මිල ඉහළට

colombotoday

එක්සත් රාජධානියෙන් මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday