Colombo Today Local News

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට වු බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වේ.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

BBC වැඩසටහනක චතුර සේනාරත්න විහිළුවක් වෙයි

colombotoday

මීගමුව බන්ධනාගාරයට හොරබඩු විසිකළ කත අල්ලයි

colombotoday

සඟවා තිබූ සැමන් ටින් 1800 පාරිභෝගික සේවා අධිකාරිය සොයාගනී

colombotoday

ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවේ- අගමැති මහින්ද

colombotoday

එජාපයේ නොවිසඳුණු ගැටළුවලට විසඳුම් සොයන තවත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

colombotoday

සීමා නීර්ණය තව කල් යයි.. වෙසක් උළෙලට පෙරනම් ඡන්දය බෑ – මැකො

colombotoday