Colombo Today Local News

හාවාඑළිය ගාඩ් වත්තතේ දී පුද්ගලයෙක් අතුරුදන්

නුවරඑළිය පොලිස් වසමේ හාවාඑළිය ගාඩ් වත්ත රක්ෂිතයට දර සෙවීමට ගිය පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නුවරඑළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 49ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (21)දින නුවරඑළිය පොලීසියේ නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව එම පුද්ගලයාව සොයා රක්ෂිතය තුළ මෙහෙයුම් දියත් කර ඇත.

එහිදී එක්ෂිතය මැද තිබී අතුරුදන් වූ පුද්ගලයාගේ යැයි සැකකරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වී තිබේ.

අතුරුදන් වූ පුද්ගලයා මෙතෙක් හමුවී නොමැති අතර, නිල සුනඛයින් යොදා ගනිමින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරයි.

Related posts

සහල් ආනයනය වහාම අත්හිටුවන්න ජනපතිගෙන් උපදෙස්

Admin

“හමුදා ප්‍රකාශකගේ පැහැදිලි කිරීම හාස්‍යජනකයි” – ගම්මන්පිල

colombotoday

පාතාල කල්ලි සාමාජිකයින් එක්ක මන්ත්‍රිගේ මල්ලි මැණික් ව්‍යාපාරිකයාගේ ඇස් වලට මිරිස් කුඩු ගසා මංකොල්ල කාලා

colombotoday

රට බංකොලොත් කලේ යහපාලන ආණ්ඩුවයි

Admin

අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගී !

colombotoday

නිශ්ශංකමල්ල රාජ්‍ය සභාව ඩෝසර් කර පෙම් උයනක් හදයි

colombotoday