Colombo Today Local News

ඉඩම් ආරවුලකට සහෝදරාට වෙඩි තියයි

කඩවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කඩවත සූරියපාළුව ප්‍රදෙශයේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ සහෝදරයෙකු, සහෝදරයාගේ පුත්‍රයා සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇත බවය.

ඊයේ(18) රාත්‍රියේ තුවාල ලැබූ පුද්ගලයා සිය නිවස අසළ මාර්ගයේ රැඳී සිටියදී එම ස්ථානයට පැමිණි සැකකරුවන් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත.

පසුව එම ගිනි අවියෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිඳට ද පහරදී එම ස්ථානයෙන් පළාගොස් ඇත.

සැකකරුවන් සමඟ වෙඩිතැබීමට භාවිත කර ඇති රයිෆල් වර්ගයේ ගිනි අවිය. සැකකරුවන් එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථය පොලිස්භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 56,20 සහ 25 හැවිරිදි වියේ පසුවන ගනේමුල්ල සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

සැකකරුවන් අද මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. | අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වගේ කතා. ගැලරිය පිනවන්න කියන කතා.” ජනාධිපති ගෝඨාභය කියයි

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක්

Admin

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

Admin

කොළඹ මුහුදු තීරයේදී විදේශීය නැවක් ගිනි ගනී..

colombotoday