Colombo Today Local News

දිනේෂ් ෂාෆ්ටර්ග්ගේ දේහය ගොඩගන්න පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක්

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (18)දින ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඒ සදහා අවසර ලබා දෙන ලෙසත් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් එලෙස ඉල්ලා තිබිණ.

ඒ අනුව, පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් කිරීම සඳහා නඩුව කැඳවිමට අධිකරණය දින නියම කළේය.

Related posts

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

colombotoday

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin

පාර්ලිමේන්තුවේ සම්මතකළ අලුත් පණතෙන් මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්ටත් වන්දි…

colombotoday

දුමින්ද සිල්වාට නිදහස් වෙන්න තියෙන අවස්ථා රෙනෝ ද සිල්වා නිසා විනාශ වෙයි.

colombotoday

ගාල්ලේ ධීවර කාර්මිකයින්ට පීසීආර් අනිවාර්යයි

colombotoday

පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්

Admin