Colombo Today Local News

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

යල කන්නයේ පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් පොහොර සමාගම් සෙක හා පෞද්ගලික අංශය සතුව පැවති යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ලංකා පොහොර සමාගම මඟින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාව වෙනස් කිරීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වන බව ඉන්දියාව කියයි

colombotoday

කොරෝනා වැළදෙයි බියෙන් මවක් ගිනි තියාගෙන

colombotoday

ජනපති මැදිහත් වී බස් වර්ජනය තාවකාලිකව නවත්වයි

colombotoday

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

colombotoday

ශ්‍රී ලංකාවේ දිනයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙයි. සාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

colombotoday

රමේෂ් පතිරණගේ නිවස වටලයි

colombotoday