Colombo Today Local News

අක්ෂි සැත්කමෙන් පසු පේන ඇස් අන්ධ කළ බෙහෙත ගැන ජනපති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු දහ දෙනකුගේ ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

අදාළ අක්ෂි සැත්කම කිරීමෙන් පසු රෝගීන්ගේ ඇස් වලට යෙදූ ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඉන් පසුව ඇති වූ සංකූලතා පිළිබඳවත් අදාල රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැනත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තොරතුරු විමසා ඇත.

මෙවැනි බරපතළ ක්‍රියා නැවත සිදු නොවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර ගැන වහාම දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයට පවසා ඇත.

නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා මාධ්‍යයට සඳහන් කර තිබුණේ ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂබීජ තිබීමෙන් රෝගීන්ට අදාල සංකූලතා ඇති ව තිබූ බව මූලික පරීක්ෂණ වලින් හෙලිව තිබූ බවයි.

ඉකුත් අප්‍රේල් පස් වැනිදාට පසු ව සිදු කළ අක්ෂි ශල්‍යකර්ම වලින් පසු ඇස් වලට දැමීම සඳහා ලබාදුන් බෙහෙත විෂ වීමෙන් ඔවුන්ගේ ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් තිබූ බවද නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට සඳහන් කර තිබිණි.

අදාල සායනයෙන් පසු නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපයකට පසු ඇස් පෙනීම මුළුමනින්ම නැති වූ බව පවසමින් රෝහල්ගත කෙරුණු අතර ඉන් පසුව කළ ප්‍රතිකාර වලින් පසු ඔවුන්ගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවද නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයේ සඳහන්ය.

Related posts

ආණ්ඩුව යන මග වැරදියි.. ඉවසුවා ඇති ! මහා සංඝ සම්මේලනයක් කොළඹට කැඳවන්න යයි..

colombotoday

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday

වැලිකඩ ගිහින් ආ විජිත රෝහණගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් !! (Video)

colombotoday

විරෝධතාකරුවන් පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලයි : පොලිසියෙන් වෙඩි

Admin

මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු 6ක් යළි දෙන්න යයි

Admin

2017 අයවැයෙන් සෑම පුරවැසියෙකුටම ආදායම් බදු.. ආදායම කීයක් වුවත් 5%ක් රජයට ගෙවන්න වෙයි

colombotoday