Colombo Today Local News

වැල්ලෙ සුරංගගෙ ගෝලයෙක් පාසල් සිසුන් ට මත්පෙති අලෙවි ක්ලරද්දී අල්ලයි

මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ගමගේ ප්‍රදිප් සුරංග නොහොත් වැල්ලෙ සුරංගගෙ ගෝලයකු මට්ටක්කුලිය සාගර විශ්ව විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පාසල් සිසුන් ට මත්පෙති අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරු කොලඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වන පුද්ගලයෙකි.

සැකකරු සමඟ මිලිග්‍රෑම් 150 ෆිගැබ්ලින් මත් පෙති 1000ක් පොලිස් භාරයට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශය III හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

ඡායාරූපයේ කතාව !

colombotoday

සංශෝධන නෑ.. VAT පනත පරණ විදිහටම එයි

colombotoday

ගොඩ යන්නනම් එජාපයට ප්‍රබල සැත්කමක් කලයුතුයි – රවී කරුණානායක

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සොයා ගනී

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස්

colombotoday