World

විරෝධතාවයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ හමුදා සැරයන්ට වසර 25ක සිරදඬුවමක්

2020 වසරේ දී අමෙරිකාවේ ඔස්ටින් නගරයේ පැවති විරෝධතාවයකට වෙඩිතබා එක් පුද්ගලයෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ හමුදා සැරයන්වරයෙකුට සිරදඬුවම් ලබාදීමට අමෙරිකානු අධිකරණයක් නියම කර තිබේ.

“Black Lives Matter” ලෙස නම් කර තිබූ එම විරෝධතාවයට එක්වී සිටි 28 හැවිරිදි ගැරට් ෆොස්ටර් නම් තරුණයෙකුව වෙඩිතබා මරාදැමූ බවට වරදකරු වූ එම හමුදා නිලධාරියාට වසර 25ක සිරදඬුවමක් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කර තිබුණි.

ඩැනියල් පෙරී නම් මෙම හමුදා නිලධාරියාගේ නීතිඥවරුන් පවසා ඇත්තේ, ඔහු සිය ආරක්ෂාව සඳහා එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

නමුත් ජූලි සභිකයින් එම කරුණ ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

Admin

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

ISIS මිලේච්ඡයෝ තරුණියන් 4ක් දූෂණය කර ගල් ගසා මරා දමයි! තීන්දුව ශරීයා අධිකරණයෙන්

colombotoday

ඉන්දුනීසියාවේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර දරුණු අතට. අන්තවාදීන් මර්ධනයට හමුදා විශේෂ බලකායක් යොදවයි.

colombotoday

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

අපචාර සිදුවීමකට වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවමක්

Admin