Colombo Today Local News

15 හැවිරිදි සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලකින් බිමට පනී

මහනුවර බාලිකා පාසලක 15 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගොඩනැගිල්ලක පළමු මහලින් බිමට පැන තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එම සිසුවිය ඊයේ (09) පෙරවරු 11.30ට පමණ පාසලේ පිහිටා ඇති ගොඩනැගිල්ලක අඩි 15ක් පමණ උසක සිට බිමට පැන ඇත.

එම සිසුවිය කටුගස්තොට, කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇය එම පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසින් ද කටයුතු කරන බව වාර්තා වෙයි.

එම සිසුවියට අමතක වීමේ රෝගයක් පවතින බවට සිසුවියගේ දෙමව්පියන් විසින් පොලීසියට පවසා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කරයි

Admin

පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතකයින් සොයා විමර්ශන

colombotoday

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ජනපති මන්දිරය අසලට කඩා වදී

colombotoday

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

පැලවත්තේ නිවසක් බිඳ මිලියන 30ක් සොරාගත් සැකකරුවෙකු අල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදුර්දීන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

colombotoday