Colombo Today Local News

බොරැල්ලේ වකුගඩු ඡාවාරමක මොලකරු රටින් පනී

දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් නීතිවිරෝධී අයුරින් වකුගඩු ලබාගෙන ඡාවාරමක් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙරටින් පලාගොස් ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වශයෙන් හදුනාගෙන ඇති මොහු ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා මෙරටින් පලාගොස් ඇති බවට ගුවන් තොටුපල තොරතුරු හෙළිකර ඇති බවත්, ඒ අනුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම වකුගඩු ජාවාරම බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහල තුළදීම සිදුව ඇත්තේ මුදල් මූලික කරගනිමින් බවට හදුනාගෙන ඇති බවත්, එම රෝහලේ සේවකයන් තිදෙනකු මෙහි සැකකරුවන් වශයෙන් හදුනාගෙන ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ඇතුලු තවත් සැකකරුවන් පස් දෙනකු මේ වන විට හදුනාගෙන ඇති අතර ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ සැකකරු සාක්ෂිකරුවන් සිව් දෙනකු විසින් හදුනාගනු ලැබිණී.

Related posts

අද තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වේ. සම්පුර්ණ රෝගීන් සංක්‍යාව 107 දක්වා ඉහලට

colombotoday

පොහොර හිඟයට කැබිනට්ටුව ඇවිස්සෙති – ගොවීන්ට නොමිලේ දෙන්නැයි ඇමති අනුර යාපා ඉල්ලයි

colombotoday

බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද සැකකරුවෙක් පැමිණිලි 13කට පසු අල්ලයි

Admin

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin

බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

රජයේ දේපළ වැනසූ ජෝන් බාස්ට උපරිම දඩුවම් දෙනු ! – ජවිපෙ

colombotoday