වැල්ලවත්ත මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දී දෙහිවල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී තරුණියක් මියගොස් තිබේ.
ඊයේ (03) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත වැල්වත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 21 වයසැති මොරටුව ප්රදේශයේ පදිංචිකාරියෙකි.
වැල්ලවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.