World

කිම් ජොන්ග් උන් ගෙන් දැඩි තීරණයක් – උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකරයි

උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කර තිබේ.

එලෙස සේවයෙන් පහ කර ඇත්තේ එරට දෙවැනි ප්‍රධානතම හමුදා ප්‍රධානියා වන පක් ජොන් චොන්ය.

පක් ජොන් චොන් සැලකෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ට පසු එරට බලවත්ම හමුදා ප්‍රධානියා ලෙසය.

ඔහු එරට පාලක කම්කරු පක්ෂයේ හමුදා කොමිසමේ උප සභාපති ලෙසින් ද කටයුතු කර ඇත.

හමුදා ප්‍රධානී චොන්ගෙන් හිස්වූ හමුදා කොමිසමේ ධුරය සඳහා තවත් උසස් නිලධාරියෙකු වන රී යොන්ග් ජිල් පත් කර තිබේ.

පසුගියදා පැවති හමුවක් අතරතුර උතුරු කොරියානු හමුදාව අත්පත් කරගෙන ඇති අවි බලය සම්බන්ධයෙන් ප්‍රශංසා කිරීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය.

පක් ජොන් චොන් ධුරයෙන් පහකරනු ලැබුණේ ඉන් අනතුරුවය.

Related posts

දෝෂාභියෝගය සම්මතයි.. බ්‍රසීල ජනපතිනිය තනතුරෙන් නෙරපයි !

colombotoday

සුඩානයේ කාර්ටුම් අගනුවරට ගුවන් ප්‍රහාරයක් – කුඩා දරුවන් ඇතුළු 20ක් මරුට

Admin

බ්‍රිතාන්‍යය අගමැති දැඩි සත්කාර ඒකකයට

colombotoday

ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු දිවි රැකගත් දරුවන්

Admin

ඊශ්‍රායල හමුදාව සහ හමාස් රොකට් වෙඩි හුවමාරුවක් සමඟ අලුත් අවුරුද්ද සමරයි

colombotoday

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

colombotoday