Colombo Today Local News

ලක්ෂ 50 යතුරු පැදි ඉස්සූ හොර දෙටුවෙක් මාට්ටු

යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 50 කට ආසන්නව වටිනා යතුරු පැදි අටක් සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු එම වංචා ට යොදා ගත් ජංගම දුරකථන දෙකක් සහ සිම්පත් හතරක් ද පොලිස් බාරයට ගෙන ඇත.

යතුරු පැදි විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇති ස්ථාන සොයා ගොස් යතුරුපැදිය පරික්ෂා කරන මුවාවෙන් මෙම සොරකම් සියල්ල සිදුකර ඇති බව පොලිසිය පවසයි.

හෝමාගම කොට්ටාව කැස්බෑව පිළියන්දල හා කහතුඩුව පොලිස් වසම්වල මෙම සොරකම් සිදු කර ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන් 60161 වසන්ත නිලධාරියාට සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස සොරාගත් යතුරු පැදි බොරලැස්ගමුව පිලියන්දල ආදී ප්‍රදේශ වල යතුරුපැදි විකුණන ස්ථාන වලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

තවත් යතුරු පැදියක කොටස් සැකකරු පදිංචි පිළියන්දල මකුළුදූව නිවසේ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

සැකකරු එම යතුරු පැදි විකුණා ඇත්තේ ඊට අදාළ ලිපි ලේඛන නැති වූ බව පවසමින් පොලිස් පැමිණිලි වාර්තාවක් ද ඉදිරිපත් කරමින් බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූවෙකි.

Related posts

නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

අනුරාධපුරයේ වී ගබඩා 60කට සීල් – කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට

colombotoday

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් ගොවීන් ලක්ෂ 4කට මුදල් ගෙවා අවසන්

colombotoday

වහ කන්නයි වෙලා තියන්නෙ.. සෑම නිවසකටම වස කුප්පියක් ලබා දීමට අයවැයෙන් ප‍්‍රතිපාදන ඕනෑ

colombotoday

නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත වෙයි

colombotoday