Colombo Today Local News

නීති විරෝධී ලෙස කන්ටේනර් අටක් මුදාහරින්න රවීගෙන් රේගුවට නියෝග

නීති අර්බුද මධ්‍යයේ ගෙන්වන ලද මෝටර් රථ අමතර කොටස් ඇතුළත් කන්ටේනර් අටක් මුදාහරින්නැයි මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

කන්ටේනර් මුදා හැරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය මේ සතිය ආරම්භයේදී රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත යවා ඇතැයි ද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාවරයා සභාපතීත්වය දරන කැබිනට් අනු කමිටුවක් විසින් අදාළ නිදහස් කිරීම අනුමත කර ඇතැයිද තවදුරටත් වාර්තා වේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත ආනයනකරු (වෙහිකල්ස් ලංකා (පෞද්) සමාගම) විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ ක්‍රියාමාර්ගය ගත් බව කැබිනට් උප කමිටුව සඳහන් කරයි.

අමතර කොටස් සහිත කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි. මෝටර් රථ අමතර කොටස් සහිත කන්ටේනර් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශයට එම හැකියාවක් නැතැයිද ඔවුහු පවසති.

මහා භාණ්ඩාර ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා විසින් එවන ලද තමාට ලැබුණු බවත් තවමත් එය නීති අංශය විසින් අධ්‍යයනය කරනු ලබන බවත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවැසීය.

Related posts

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday

මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියි

colombotoday

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

colombotoday

ඖෂධ අධිකාරියේ දත්ත මැකු එපික් ලංකා ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

රුපියල් 10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණයට ? ඇත්ත නැත්ත මෙන්න

colombotoday