රට වටා

ලොතරැයි 20 ට 25දා සිට අලෙවියට

ලොතරැයිපතක මිල රුපියල් 20ක් දක්වා පහළ දැමීම සඳහා වන ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කොට නොමැති බවත් ඉදිරි දින කිහිපය තුළදී එය නිකුත් කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

අදාළ ගැසට් නිවේදනය පසුගිය 18දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට කටයුතු කරන බවට ලොතරැයි මණ්ඩලයේ බලධාරීන් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව මේ මස 25දා වන විට නව ටිකට් පත් ලබාදිය හැකි බව බලධාරීන් පොරොන්දු වූ බව එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියේ පවතින තාක්ෂණික සහ නීතිමය ගැටලු විසදාගැනීමෙන් අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.

Related posts

ගුරුවරුන් කවි ලිව්වොත් දඩුවම් ?

colombotoday

කුවේට්හි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක් පහරකෑමට ලක්වේ

colombotoday

සයිටම් එපා !… පා ගමනක් මොරටුව සරසවියේ සිට

colombotoday

විද්‍යාඥ මතයට සවන් දුන්නා නම් නියගය ආපදාවක්‌ වන්නේ නැත

colombotoday

ගම්මන්පිලට දින 4 ක්‌ රට යන්න අධිකරණයෙන් අවසර

colombotoday

මහජන බැංකුව තෛපොන්ගල් උත්සවය සමරයි

colombotoday