Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

පළාත් පාලන මැතිවරණයට පෙර හෝ ඊට පසු, ඒ ආසන්න දිනයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන මැති ඇමැතිවරු පිරිසක් අතරේ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

වත්මන් ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවීමෙන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් මීට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බවත් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනතුරු ආණ්ඩුවේ සිටින ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් එම අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම නිසා දෙසැම්බර් 31 වැනිදායින් පසුව මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ යළි සාකච්ඡා කරන බවත් ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා බවත් එම අමාත්‍යවරයා සඳහන් කෙළේය. පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මාසයේ පැවැත්වෙන නිසා ඊට පෙර හෝ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේ‍යෂ්ඨ කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

Related posts

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

Admin

ලාෆ් ගෑස් යළි වෙළෙඳ පොළට?

colombotoday

ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

colombotoday

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday

මෙවර ලෝක සංචාරක රූ රැජින කිරුළ ලංකාවට

colombotoday

දුටුගැමුණු රජුගේ බලකොටුවේ කොටසකුත් ඩෝසර් කරයි (PHOTOS)

colombotoday