Colombo Today Local News

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතර ව්‍යාප්තිය ඉහළට

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

පවතින උෂ්ණ අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් ළමුන් මෙන්ම වැඩිහිටියන්ට ද වැඩි වශයෙන් ජලය පානය අත්‍යවශ්‍ය බව ඔහු පවසයි.

“මේ දවස්වල අපි හැමෝටම දාඩිය දානවා. දවල් වරුවේ දාඩිය දාන එක වැඩි නිසා විචලනය වෙන්න පුළුවන්. එහෙම වුණාම රෝග ලක්ෂණ විදියට ඇඟපතට අපහසුව, හිසරදය, සමහර අයට වමනේ යනවා. වැඩකරන්න බැරි තත්ත්වය වගේ එන්න පුළුවන්. දරුවන්ටත් ඒ තත්ත්වය එන්න පුළුවන්. ඒ නිසා අපි වතුර බොන ප්‍රමාණය වැඩිකරන්න. වැඩිහිටියන්ට වුණත් වැඩිපුර වතුර බොනවා නම් මම හිතන්නේ ඉතාම වැදගත්.”

ප්‍රශ්නය – ඉන්ෆ්ලුවන්සා පැතිරීම ගැන අලුත්ම වාර්තා මොනවා ද?

“ඉන්ෆ්ලුවන්සා A තමා වැඩිපුරම දැක්කේ. ඉන්ෆ්ලුවන්සා B කියන තත්ත්වයත් සමහර අයගේ දැක්කා. ඒ නිසා තමයි ඒ රෝගය ස්වසන රෝගයක්. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සොටුගැලීම, කිවිසුම් යෑම සහ සමහර අයට කඳළු ගැලීම හා කබ ගැලීම ආදි තත්ත්වයන් තියෙනවා. සමහර අයට පහළ ස්වසන මාර්ගයේ රෝග තත්ත්වයනුත් ඇති කරනවා. එතැනට නිව්මෝනියා තත්ත්වයන් ඇති කරනවා. සමහර අයට ඔක්සිජන් ඕනේ වෙනවා. ඒ නිසා තමයි මේ රෝගය වළක්වා ගන්නවා නම් තමා හොඳ. මෙතනදී ළමා හතිය වැඩිවීමකුත් අපි දකිනවා පසුකාලීනව.”

Related posts

පොලිස් ලොක්කාගෙන් පහරකෑ මාධ්‍යවේදියාගේ කණ පැලී ලේ බැහැලා.. වෛද්‍යවරු කියයි !

colombotoday

චීන දුම්වැටි එපා – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්.

colombotoday

දුම්රියෙන් තෙල් ඇද්ද භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙක් මාට්ටු

Admin

වැලිගම නිවසක ගින්නක්. නිදියහනේ සිටි සිගිත්තිය පිළිස්සී මිය යයි

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

colombotoday